Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th September 2018 15:54:40 Hours

යුද්ධ හමුදාව විසින් සිවිල් ජනතාව සඳහා පුනරින් ප්‍රදේශයේ වෛද්‍යය සායනයක් පැවැත්විම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් වලට අනුව සිවිල් වැසියන් සහ යුද හමුදාව අතර සමගිය හා සංහිදියාව ඇති කිරිමේ අරමුණින් යුතුව 66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලකගේ අධීක්ෂණය මත පුනරින් ප්‍රදේශයේ ජිවත්වන සිවිල් වැසියන් වෙනුවෙන් වෛද්‍ය සායනයක් 2018.09.02 වන දින පුනරින් මධ්‍ය මහා විද්‍යාලයේදි පවත්වන ලදි.

මෙම ප්‍රජාසත්කාර වැඩසටහන 66 වන සේනංකයේ පුර්ණ අධික්ෂණය යටතේ පුනරින් ප්‍රදේශයේ ජිවත්වන සිවිල් වැසියන් සදහා දන්ත සායනයක් හා වෛද්‍ය සායනක් පැවැත්වු අතර, කිලිනොච්චි මහ රෝහලේ දන්ත වෛද්‍ය නිළධාරිණි වෛද්‍ය මධුවන්ති මහත්මිය සහ වෛද්‍ය බාලකුමාර් මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලය හා වේරවිල් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යය වරුන් ඇතුළු එම කාර්ය මණ්ඩලය විසින් මෙම මහගු සත්කාරය සිදුකරන ලදි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කිලිනොච්චි ආරක්ෂරක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගිවු අතර, 66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක, ජ්‍යෙෂ්ඨ නිළධාරින්,වෛද්‍යවරුන්, එම ප්‍රදේශයේ පුජකවරුන් සහ ඒකක අණදෙන නිළධාරින් ඇතුළු පුනරින් ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ පාසල් ලමුන් සහභාගි වන ලදි.