Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

16th October 2019 09:54:45 Hours

යුද්ධ හමුදාව විසින් කිලිනොච්චියෙහි ඇස් කණ්නාඩි බොදිදිම වැඩසටහනක් පැවැත්විම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ උපදෙස් වලට අනුව සිවිල් වැසියන් සහ යුද හමුදාව අතර සමගිය හා සංහිදියාව ඇති කිරිමේ අරමුණින් යුතුව වෑතර අපේ කට්ටිය සංගමයේ විසින් කිලිනොච්චිය ප්‍රෙද්ශයේ සිවිල් වැසියන් සදහා නොමිලේ අක්‍ෂී සායන වැඩසටහනක් 2019.10.12 වන දින නෙළුම්පියස ශ්‍රවනාගාරයේදි පවත්වන ලදි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය බ්‍රිගෙඩියර් පි එම් එල් චන්ද්‍රසිරි ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආරඒස්පි ගේ සංවිධානයෙන් වෑතර අපේ කට්ටිය සංගමයේ කාර්‍ය මණ්ඩලයේ 15 දෙනෙකු සමග මෙම වැඩසටහන පවත්වන ලදි.

මෙම අක්‍ෂි සායනය සඳහා පැමිණි රෝගීන් 178 දෙනෙකුගෙන් දෘශ්‍යාබාධිත පුද්ගලයින් 115 දෙනෙකු සහ ගුරුවරුන්ද තෝරා ගන්නා ලදී. මේ අතර දෙමාපියන් 10 දෙනෙකු සහ යුද්ධ හමුදාවේ සිවිල් සේවකයින් 04 දෙනෙකුද මෙම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබා ඇත.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සිවිල් සම්බන්ධිකරණ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයින් සහ වෑතර අපේ කට්ටිය සංගමයේ කාර්‍ය මණ්ඩලයේ 15 දෙනෙකු සහභාගි වන ලදි.