Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

15th June 2018 15:00:55 Hours

යුද්ධ හමුදාව මගින් පාසල් උපකරණ ලබාදිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ පාලනය වන 66 වන සේනාංකය විසින් වව්නියාව බෝගස්වැව ප්‍රශදේශයේ පාසලක් වෙත තොරාගත් ලමුන් සදහා පාසල් උපකරණ බෙදාදිමේ අවස්ථාවක් 2018.06.12 වන දින එම සේනාංක මුලස්ථානයේදි සිදුකරන ලදි.

66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලකගේ සංකල්පයකට අනුව පාසල් ළමුන් 6 දෙනෙකු සදහා එම සේනාංකයේ රාජකාරි නියුතු නිළධාරින්ගේ සහ සෙසු නිළයින්ගේ ධන පරිත්‍යාගයෙන් මත මෙම පාසල් උපකරණ බෙදාදෙන ලදි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක සහභාගිවු අතර, 66 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින්, බෝගස්වැව පාසලේ සිසු සිසුවියන් ඇතුලු ගුරුභවතුන් සහභාගී විය.