Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

08th July 2018 20:45:36 Hours

යුද්ධ හමුදාව භට පිරිස් විසින් පුනරීන් ප්‍රදේශයේ සිසුන්ට අධ්‍යාපන චාරිකාවක් සඳහා අවශ්‍ය පහසුකම් සලසයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 662 වන බලසේනා බළප්‍රදේශයේ ස්ථානගත 20 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස්, පුනරීන් මුද්කොම්පාන් මහා විද්‍යාලයේ සිසුන්ගේ ආර්ථික දුෂ්කරතාවයන් සැලකිල්ලට ගෙන උතුරු ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයන් නැරඹීමේ අධ්‍යාපන චාරිකාවක් සඳහා අවශ්‍ය පහසුකම් සලසාදෙනු ලැබීය.

මෙම අධ්‍යාපනික චාරිකාව, සුහදත්වය සහ සංහිඳියාව වර්ධනය කරමින් 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දිප්ති ජයතිලකගේ මඟපෙන්වීම මත 662 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සහ 20 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරිතුමන්ගේ සහයෝගය ඇතිව සංවිධානය කරන ලදි.

මෙම අධ්‍යාපන චාරිකාව අතරතුරදී, යාපනය අර්ධද්වීපයේ පිහිටි සංගුපිඩ්ඩි පාලම, නිලාවාරේ පතුලක් නොමැති ළිඳ, දඹකොළපටුන, නාගුලේෂ්වරම් කෝවිල, කන්කසන්තුරේ සිමේන්ති කර්මාන්ත ශාලාව, කිරමලේයි පොකුණ, කන්කසන්තුරේ ප්‍රදීපාගාරය, යාපනය තිරුක්කායි අම්මාන් කෝවිල, යාපනය මහජන පුස්තකාලය, නාගදීප විහාරය, නල්ලුර් කෝවිල සහ රියෝ අයිස් ක්‍රිම් වෙළඳ සැල යන ස්ථානයන්හි සංචාරය කිරීමට සිසුනට අවස්ථාව උදාවිය.

66 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ 20 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් අධ්‍යාපන චාරිකාව සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම්, ආහාරපාන සහ අනෙකුත් සියලුම අවශ්‍යතාවයන් සිසුන් සහ ගුරුවරුන් වෙත සපයාදෙනු ලැබී අතර, මෙම අධ්‍යාපන චාරිකාව සදහා සිසු සිසුවියන් 63 ක්, දෙමාපියන් 8 දෙනෙක් සහ ගුරුවරුන් 6 දෙනෙක් සහභාගී වූහ.

මුද්කොම්පාන් මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ආර්ථික දුෂ්කරතාවයන් සහිත සිසුන් වෙනුවෙන් කිසිදු වියදමකින් තොරව මෙම අධ්‍යාපන චාරිකාව සංවිධානය කිරීම සබැඳිව යුද්ධ හමුදාව වෙත සිය කෘතඥතාවය පළ කල සිටියහ.