Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

23rd August 2020 09:39:23 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් කිලිනොච්චි නව යුද්ධ හමුදා රෝහල විවෘත කිරිම

ශ්‍රි ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එල්එච්එස්සි සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි තුමන් 2020.07.17 වන දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරයේ නිරත වන ලදි. එහිදි කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි තුමන් විසින් යුද්ධ හමුදාධිපති තුමන්ව ඉතා උණුසුම් අයුරින් පිලිගන්නා ලදි. මෙහිදි යුද්ධ හමුදාධිපති තුමන් කිලිනොච්චි මුලික යුද්ධ හමුදා රෝහල යුද්ධ හමුදාධිපති තුමන්ගේ සුරතින් විවෘත කරන ලදි. යුහ රෝහලේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ කාර්ය්‍ය මණ්ඩලය සමග සමුහ ඡායාරූපයකට එක්වන ලදි.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම ආරක්‍ෂක සේනා මූලස්ථාන බළප්‍රදේශය යටතේ රාජකාරි කරනු ලබන නිලධාරි/සෙසුනිලයින් ඇමතු අතර, අනතුරුව ආසේමු(කිලි) නිලධාරි නිවස්නයේ පැවති දිවා බෝජන සංග්‍රයට එක් වෙමින් රැස්ව සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ ගැටළු පිළිබඳ විමසා සිටින ලදි. පසුව අමුත්තන් පැමිණිමේ සමරු සටහන් පොතෙහි සටහනක්ද තබන ලදි. මෙම අවස්ථාව සඳහා බළප්‍රදේශයේ සියළුම සේනාංකාධිපතිවරුන්, බළසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින්ද සහභාගි වන ලදි.