Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st July 2019 21:39:48 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙයි

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මූල්‍යමය අනුග්‍රාහය ඇතිව එම බලප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල අධ්‍යාපනය හදාරණ සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්.එස්. හේවාවිතාරණ ගේ උපදෙස් මත 574 වන බලසේනාවේ භටපිරිස්හි විසින් 2019 ජුලි මස 23 වන දින මාන්කුලම් මහා විද්‍යාලයේ දී සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සිවිල් වැසියන් සහ හමුදාවන් අතර ඇති සුහද සම්බන්ධතාවය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලදී.

මාන්කුලම් මහා විද්‍යාලය, ඕලුමඩු දමිළ පාසල, ෂම්මුගරත්නම් කනිෂ්ඨ විද්‍යාලය, මන්කුලම් කනිෂ්ඨ විද්‍යාලය, අම්පේකාමන් කනිෂ්ඨ විද්‍යාලය සහ පුලිමුච්චනාඩකුලම් ප්‍රථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසුන් 160 දෙනෙකු වෙත පාර්සල් සපත්තු, පොත්, පෑන්, පැන්සල්, අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ තොගයක් මෙලෙස බෙදාදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති, 574 වන බලසේනාවේ බලසේනාධපිති, 57 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, බලඇණි අණදෙන නිලධාරීන් හා තුනුක්කායි අධ්‍යාපනය කලාපයේ සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, පාසල්වල විදුහල්පතිවරුන්, සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් රැසක් සහභාගි වූහ. 57 වන සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ මූල්‍යම අනුග්‍රාහය ඇතිව මෙම පාසල් උපකරණ තොගය මිළදී ගෙන අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා බෙදාදෙන ලදී.