Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

16th February 2019 11:39:22 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් හට මෝටර් රථ පිළිබද දේශණයක් සහ පුහුණුවක් ලබා දිම.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරි නියුතු හමුදා භට පිරිස් සදහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රිඩා කමිටුවේ සාමාජිකයින් විසින් 2019 පෙබරවාරි 14 වන දින මෝටර් රථ පිළිබදව දේශණයක් සහ පුණුවක් ලබාදෙන ලදී.

මෙම වැඩසටහනේ අරමුණ වූයේ එම ක්‍රිඩාවට උනන්දුවක් දක්වන හමුදා ක්‍රිඩකයින්ට මෙම ක්‍රිඩාව සහ එහි සිදුවීම් හඳුන්වා දීමයි. මේ සදහා සෙබළුන් 300ක් පමණ සහභාගි වන ලදි.