Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

09th November 2018 15:10:30 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් බිඳිගිය වන්නිවිලාම්කුලම් වැව් බැම්මේ වැලිකොට්ටා අතුරයි

මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමඟ වන්නිවිලාම්කුලම් වැවේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළයාම හේතුවෙන් 2018 නොවැම්බර් මස 07 වන දින වැව් බැම්මේ කොටසක් බිදියාම පිළිබඳ සැළවු වහාම ක්‍රියාත්මක වූ 65 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අනාරක්‍ෂිත වැව් බැම්මේ අලුත්වැඩියා කටයුතුවල නිරත විය.

ඒ අනුව නැගෙනහිර මාන්තෙයි වාරිමාර්ග හා කෘෂිකාර්මික සේවා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ උපදෙස් පරිදි 653 වන බලසේනා මුලස්ථානය යටතේ රාජකාරි නියුතු 10 වන ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ භඨ පිරිස් හා 21 (සෙව්) ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ භඨ පිරිස් 04 x 53 දෙනෙකු විසින් බිඳිගිය වැව් බැම්මේ වැලිකොට්ට ඇතීරිම සඳහා සක්‍රියව දායක විය.