Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

16th May 2021 21:26:02 Hours

යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික කිලිනොච්චි ප්‍රදේශයේ සංචාරයක

යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු 2021. මැයි මස 08 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චි සංචාරයක නිරත වූ අතර එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි, මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ හමුවිය.

ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත පැමිණි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු, එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ විසින් පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශවය අතර පැවැති සුහද හමුවේදී, කිලිනොච්චි පතුරොම් ගබඩාව සහ ඒ ආශ්‍රීත ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ කරුණු සාකච්ඡා කළහ. පසුව, මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු පතුරොම් ගබඩා පරිශ්‍රයේ සංචාරයක නිරත විය.

මෙම අවස්ථාවට 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායක, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත රණවීර, මධ්‍යම පතුරොම් ගබඩාවේ සේනාවිධායක, යුද්ධ හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ එම බලප්‍රදේශයේ ස්ථාපිත ඒකකවල අණදෙන නිලධාරීන් එක්ව සිටියහ.