Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd June 2019 10:01:02 Hours

යුද්ධ හමුදා භට පිරිස්ගේ සංවිධානයෙන් ග්‍රාම නිලධාරි සම්බන්ධිකරණ සාකච්චාවක් පවත්වයි

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පෙරුම යුඑස්පි ගේ අධික්‍ෂණය මත 652 වන බලසේනාව යටතේ ඇති 20 විජයභාහු පාබල රෙජිමේන්තුව සහ 7 වන ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් 652 වන බලසේනාවට අයත් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරින් සමඟ සම්බන්ධීකරණ රැස්වීම් 2019 ජුනි මස 15 වන දින පවත්වන ලදී. මෙම අවස්ථාවේදි ග්‍රාම නිලධාරින් හරහා නිවැරදි හා වැදගත් තොරතුරු එක්රැස් කිරීම, ජනතාවගේ කෘෂිකාර්මික නිෂ්පාදන විකිණීම සඳහා ක්‍රියාකාරී යාන්ත්‍රණය සහ ආරක්ෂාව සම්බන්ධ කරුණු රැසක් ගැන සාකච්ඡා කරන ලදි.