Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd June 2019 09:58:10 Hours

යුද්ධ හමුදා භට පිරිස් ධීවර කමිටු සමඟ සාකච්ඡාවක් පවත්වයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ සංකල්පයක් මත 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පෙරුම යුඑස්පි සහ එම බලප්‍රදේශයට අයත් යුද්ධ හමුදා භට පිරිස් එක්ව 2019 ජුනි මස 16 වන දින කොඩ්ඩිකඩ්ඩියාර්කුලම්, අක්කරායන්කුලම්, අනවිලන්දාන්කුලම් සහ අම්බලපෙරමුල්කුලම් යන ප්‍රදේශවල ඇති ධීවර කමිටුවල සිටින ජනතාව සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් වාරිමාර්ග ටැංකි බාහිර පාර්ශවකරුවන්ට බදු දීම හේතුවෙන් තමන් මුහුණ දෙන ගැටලු මෙම සාකච්ඡාවේදී ජනතාව විසින් ප්‍රකාශ කරන ලදී. තවද, මිනිසුන් තම ධීවර කටයුතු සඳහා ධීවර උපකරණ ඉල්ලා සිටි අතර, නිවාඩු කාලය තුළ මුහුදේ මසුන් ඇල්ලීම සඳහා අනුමැතිය ඉල්ලා සිටියේය. අවසානයේදී ඔවුන් ප්‍රදේශයේ ඇති වැව් සඳහා මසුන් බෝ කරන ලෙසට ප්‍රකාශ කරන ලදි.