Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th July 2018 23:32:51 Hours

යුද්ධ හමුදා දායකත්වයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ තවත් අසරණ පවුලකට නිවසක් ඉදිකිරිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් වලට අනුව කිලිනොච්චි ප්‍රදේශයේ ජිවත්වනු ලබන සාමාන්‍ය සිවිල් ජනතාවගේ ජිවන තත්වය නගාසිටුවිමේ පරමාර්ථය පෙරදැරි කරගෙන 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධික්ෂණය යටතේ කිලිනොච්චි ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේ ජිවත්වන අඩු ආදායම් ලාභි පවුලක් වෙත නිවසක් ඉදිකරිම සඳහා 2018.07.15 වන දින මුල්ගල තැබිම සිදුකරන ලදි.

මෙම නිවස ඉදිකිරිම සඳහා සිද්ධාර්ථ පදනම විසින් මුල්‍ය අනුග්‍රහය ලබාදෙන අතර, 571 බළසේනාව යටතේ රාජකාරි නියුතු 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨපිරිස්ගේ ශ්‍රමදායකත්වයෙන් නිවසේ ඉදිකිරිම් කටයුතු සිදුකිරිමට නිමිතව ඇත.