20th May 2020 08:25:17 Hours
කොවිඩ්-19 වසංගත රෝග ව්‍යාප්තිය මැඩලීම සඳහා සෘජුවම මැදිහත් වන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ගේ සහ ඔවුන් සේවයේ නිරත කඳවුරු පරිශ්‍රයන් තුළ සෞඛ්‍යය ආරක්ෂිත බව තහවුරු කිරීම සහ කඳවුරු පරිශ්‍රයන්හි ප්‍රමිතිය පවත්වා ගත යුතු ආකාරය පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් පිහිටුවන ලද ජනාධිපති විශේෂ කාර්යසාධක බලකායේ ප්‍රධානී, බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ ගුවන් හමුදා මාර්ෂල් රොෂාන් ගුණතිලක ප්රමුඛ අද්මිරාල් (විශ්‍රාමික) ජයන්ත පෙරේරා, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් සහ වෛද්‍ය විශේෂඥයින් ඇතුළු එම කාර්යසාධක බලකායේ සාමාජිකයින් පිරිසක් 2020 මැයි මස 12 වන දින කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍රදේශයේ ස්ථාපිත හමුදා කඳවුරු වෙත ක්ෂේත්‍ර සංචාරයක නිරත වූහ. එම සංචාරය අතරතුරදී අදාළ කඳවුරු වල තත්වය පිළිබඳව විස්තර කරමින් විශේෂ කාර්යසාධක බලකායේ සාමාජික පිරිස දැනුවත් කිරීම සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි නිලධාරී එක් විය.