Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

26th August 2020 22:27:26 Hours

මෝසම් වැසි සමයට ප්‍රථම කිලිනොච්චිහිදී හදිසි ආපදා සැලසුම් පිළිබඳ සාකච්ඡා කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේඑන්එස් කොටුවේගොඩ එන්ඩීසී අයිජී ගේ උපදෙස් මත එළඹෙන මෝසම් වැසි සමයේ ඇති විය හැකි ගංවතුර ව්‍යසනය අවම කිරීමේ අරමුණින් ක්‍රියාමාර්ග සහ සහන කාර්යභාරයන් පිළිබඳ හදිසි සැලසුම් සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් 57 වන සේනාංකයේ සේනාංකාධිති මේජර් ජෙනරාල් ඩීජීඑස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පි ආර්එස්පීගේ මඟපෙන්වීම යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ අදාළ සියලු පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් 2020 අගෝස්තු මස 19 වන දින 571 වන බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව අතරතුරදී, එළඹෙන මෝසම් වර්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඇතිවිය හැකි හදිසි ආපදාවන් අවම කිරීමේ සැලසුම්, නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම යනාදිය පිළිබඳව 57 වන සේනාංක බලප්‍රදේශයේ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡාවට ලක්විය.

මෙම සාකච්ඡාව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, 572 වන බලසේනාවේ බලසේනාධිපති, 57 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී හා මාණ්ඩලික නිලධාරීන්, 57 වන සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරින්, කිලිනොච්චි දිස්ත්‍රික් පොලිස් අධිකාරී, කිලිනොච්චි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, කිලිනොච්චි දිස්ත්‍රික් ගොවිජන කොමසාරිස්, කිලිනොච්චි වාරිමාර්ග ඉංජිනේරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.