Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th July 2020 10:24:22 Hours

මුහුද සහ කලපුව හරහා නීතිවිරෝධී ලෙස මුදල් යෙදවීම වැලැක්වීම සදහා දැනුවත් කිරිමේ වැඩසටහනක් පවත්වයි

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ‌ජෙනරල් ඩීජීඒස් සෙනරත් යාපා ආර්ඩබිලිවිපී ආර්ඒස්පී ඒන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් උතුරු මුහුදු මාර්ග හරහා නීතිවිරෝධි මනුෂ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් සමාජය අතර පැතිරීයන කොවිඩ් 19 වසංගතයේ දැඩිතර්ජනය පිලිබද සාකච්ඡාමය වැඩසටහනක් කන්ඩාවලෛ සමෘධි කාර්යාලයේදි පැවැත්විණි.

දකුණු ඉංදියාවේ තමිල්නාඩුවේ සිට උතුරු මුහුද හරහා නීතිවීරෝධී ලෙස සිදුවන මනුෂ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් සමාජය අතර පැතිරයන කොවිඩ්-19 වසංගතයේ දැඩි තර්ජනය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2020 ජුනි 30 වන දින පවත්වන ලදි. තොරතුරු රැස් කිරීම සදහා නිසි ක්‍රමවේදයක් ඇතිකරවීම සදහා ගම්වාසීන් සහ හමුදා සාමාජිකයින් අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීමටත් මුහුදු මාර්ගය හරහා සිදුවන නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැලැක්වීමේ අරමුණින් මෙම වැඩමුළුව පවත්වන ලදි. 572 බළ සේනාධිපතිගේ මගපෙන්වීම මත 1 වන සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සදහා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්, ග්‍රාමනිළධාරින්, ධර්මපුරම් පොලිස් ස්ථානයේ නිළධාරියෙකු සහ ධීවර ප්‍රජාවේ ප්‍රධානින් සහභාගිවිය.

වැඩමුළුව අවසානයේ 57 වන සේනාංකාධිපති විසින් මුහුද සහ කලපුව හරහා නීතිවිරෝධිව ඇතුලු විය හැකි ස්ථාන නිරීක්‍ෂණය කල අතර එහි රාජකාරි නියතු සෙබළුන් හට මෙම නීති විරෝධි ක්‍රියාවන් වැලැක්වීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිලිබද උපදෙස් ලබා දෙන ලදි.