Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th June 2020 12:25:50 Hours

මුලන්කාවිල් යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි නාවික සෙබළුන් 82 දෙදෙනෙකු පිටව යයි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොච්චිය යටතේ පවත්වාගෙන යනු ලබන මුලන්කාවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි ශ්‍රි ලංකා නාවික හමුදාවේ නාවික සෙබළුන් 82 දෙදෙනෙකු දින 21ක කාලයක් නීරෝධායනය අවසන් වී 2020 ජුනි මස 17 වන දින පිටත්ව යන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පීඑස්සී ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ 652 වන බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒසීඑන් වරකාගොඩ පීඑස්සී ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරිණි.