Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th July 2020 10:11:19 Hours

මුලංකාවිල් මහ රෝහල සහ ස්කන්ධපුරම් නාග කෝවිලෙහි ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වනු ලබයි

දිවයිනපුරා පැතිරී ඇති ඩෙංගු රෝගය වැලැක්වීමේ අරමුණින් 19 වන ශ්‍රි ලංකා පාබළ හමුදාවෙි භඨ පිරිස් විසින් මුලංකාවිල් මහ රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලයේ සහය ඇතිව රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2020 ජුනි 25 වන දින සිදුකල අතර, තවත් පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2020 ජුනි මස 26 වන දින ස්කන්ධපුරමිහි නාග කෝවිල් පරිශ්‍රයේදි 20 (සෙවි) විජයබාහු පාබල රෙජිමෙින්තුව විසින් පවත්වන ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ගේ උපදෙස් පරිදි ප්‍රදේශයේ ජනතාව ඩෙංගු රෝගයෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා මෙම වැඩසටහන් මාලාව 651 සහ 652 වන බලසේනාධිපති වරැන්ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.