Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th November 2020 08:51:03 Hours

මුලංකාවිල් නීරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පිරිසක් නිරෝධායනයෙන් පසු නිවෙස් වෙත පිටව යයි

ඩුබායි සිට ශ්‍රි ලංකාවට පැමිණි පුද්ගලයින් 44 දෙනෙකු ආරක්‍ෂක සේනා මූලස්ථානය කිළිනොචිචි යටතේ පාලනය වන මුලංකාවිල් නීරෝධායන මධ්‍යස්ථානයේ දින 29 නිරෝධායන ක්‍රියාවලිය සම්පුර්ණකර 2020 ඔක්තෝබර් මස 19 වන දින නිරෝධායන සහතික පත් සහිතව ඔවුන්ගේ නිවෙස්බලා පිටත්ව ගියහ. ඔවුන්ගේ ගමනාන්ත කරා ලගා වීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි විසින් සපයන ලදි.

මෙම වැඩසටහන සාර්ථකව සිදු කිරිම සදහා කිළිනොචිචි ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ එන්ඩිසි අයිජිගේ මගපෙන්විම මත සිදු කරන ලද අතර මෙම අවස්ථාව සදහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටිකිරි දිසානායක ආර්එස්පි යුඑස්පි සහභාගිවිය.