Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

26th August 2020 22:07:41 Hours

මුලංකාවිල් නීරෝධායන මධ්‍යස්ථානයේ සිටි 24 දෙනෙකු නීරෝධායනය අවසන් වී තම නිවෙස් වෙත පිටව යයි

ඩුබායි සිටි පැමිණි පුද්ගලයින් 24 දෙනෙකු මුලංකාවිල් නීරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක කාලයක් සාර්ථකව නීරෝධායනය අවසන් වී 2020 අගෝස්තු මස 19 වන දින තම නිවෙස් බලා පිටව යන ලදී. නිවෙස් බලා පිටව ගිය පුද්ගලයින් සදහා නිරෝධායන සහතික පත් පිරිනැමීම 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිඑම්එච්ඩි බණ්ඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි සහ 651 වන බළසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒසීඑන් වරකාගොඩ පීඑස්සීගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එහිදී ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ආරක්‍ෂක සේනා මූලස්ථානය කිළිනොචිචිය විසින් සපයන ලදී.

මෙය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේඑන්එස් කොටුවේගොඩ එන්ඩීසී අයිජීගේ මග පෙන්වීම මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පීගේ උපදෙස් පරිදි 651 වන බළසේනාව විසින් සිදු කරන ලදි.