Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

09th August 2019 14:35:29 Hours

මීමැසි ව්‍යාපෘතිය පිළිබඳ වැඩමුළුව පැවැත්විම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සිවිල් වැසියන් සදහා ස්වයං රැකියාවක් ලෙස මීමැසි පාලනයක් හදුන්වාදෙන ලදි. ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ජිවන මට්ටම නගා සිටුවීම සඳහා මෙම පියවර ගෙන ඇත්තේ කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී එන්ඩියු අයිජි විසිනි.

තවද, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පේරුම යුඑස්පි ගේ අධීක්ෂණය යටතේ භට පිරිස්ගේ සහයෝගයෙන් 2019 අගෝස්තු මස 01 සහ 02ක යන දිනයන්හිදි වාරියපොල කෘෂිකර්ම පාසලේදි මී මැසි පාලනය පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම සඳහා දින දෙකක වැඩමුළුවක් පවත්වන ලදි. මේ සදහා 57, 65 සහ 66 වන සේනාංක මුලස්ථානයන් නියෝජනය වන පරිදි මෙම වැඩමුළුව සඳහා 1 නිලධාරියෙකු සහ සෙසු නිලයින් 25 දෙනෙකු සහභාගී වන ලදි. මෙම වැඩමුළුවේ පරමාර්ථය වනුයේ ව්‍යාපෘති පිළිබඳ සෙබළුන්ගේ දැනුම වර්ධනය කිරීම සහ ඔවුන් හරහා සිවිල් වැසියන් දැනුවත් කිරීමයි.