Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

07th April 2021 11:08:20 Hours

මිරිදිය මසුන් මුදාහැර වැඩි ආදායමක් ලබාගැනිමට 571 බළසේනා භඨපිරිස් සහය වෙයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභි පවුල්වල පෝෂණ තත්වය සහ ආදායම් උත්පාදනය කිරිමේ අරමුණින් මාළු පැටවුන් විසිදහසකට අධික ප්‍රමානයක් ඩයාරුකුලම් වැවට මුදා හැරීමේ වැඩසටහනක් 571 වන පාබල බළසේනාවේ භඨපිරිස් විසින් 2021 මාර්තු මස 29 වන දින සිදු කරන ලදි.

571 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදරගේ උපදෙස් පරිදි මෙම මසුන් මුදා හැරිමේ වැඩසටහන ජාතික ජලජීවි හා වගා සංවර්ධන අධිකාරිය (NAQDA) විසින් කිළිනොචිචි ශාඛාවේ සහයෝගයෙන් දියත් කරන ලද මෙම වැඩසටහන මගින් මරුතුනගර් ග්‍රාමසේවා වසමේ ධිවර පවුල් විස්සකට වැඩි පිරිසකට ප්‍රතිලාභ සැලසුණි.

මෙම අවස්ථාව සදහා උතුරු පලාත් ජලජිවී හා වගා ව්‍යාප්ති නිළධාරි එස් සංගීදන්, ප්‍රාදේශිය ජලජීවි වගා ව්‍යාප්ති නිළධාරි වයි ප්‍රසාත්, කිළිනගර් ග්‍රාම නිළධාරි සහ ගම්වාසීන් සහභාගිවිය.