Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th October 2019 12:07:22 Hours

මාන්කුලම් ශ්‍රී සුගත විහාරයෙහි කඨින පූජෝත්සව සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පි මගපෙන්විම යටතේ මාන්කුලම් ශ්‍රි සුගත විහාරයෙහි වාර්ෂික කඨින පූජෝත්සව 2019 ඔක්තෝබර් මස 19 සහ 20 වන දිනයන්හිදි පවත්වන ලදි. එහිදී වර්ණවත් කඨින පෙරහැරක් පවත්වන ලද අතර, භික්ෂූන් වහන්සේලා 18 දෙනෙකුට දානයක් ද සංවිධානය කරන ලදී. මෙම උත්සවය 574 වන බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ක්‍ෂණය යටතේ, ඉදිරි නඩත්තු පෙදෙස (කිලිනොච්චිය) සහ 574 වන බලසේනා මුලස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් මෙම පිංකමි මාලාව සංවිධානය කරන ලදි. මෙම අවස්ථාව සදහා කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති, 57 වන සේනාංකයේ සෙනංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදා සාමාජිකයින් 400 ක් සහ සිවිල් වැසියන් 85 දෙනෙකු පමණ සහභාගී වූහ.