Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

25th August 2018 06:35:43 Hours

මාන්කුලම් රාජකාරි නියුතු හමුදා සෙබළුන් විසින් ශුද්ධ වු එඪෙරාගේ කන්යාරාමයේ ළමුන්වෙත දිවා ආහාරය ලබාදිම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 574 වන බලසේනාධිපති කර්නල් බුද්දික පෙරේරාගේ උපදෙස්මත 3 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි ඇතුළ ඒකකයේ සියළුදෙනාගේ දායකත්වයෙන මාන්කුලම් ශුද්ධ වු එඪෙරාගේ කන්යාරාමයේ දැරිවියන් හට දිවා ආහාර වේලක් 2018.08.16 වන දින ලබාදෙන ලදි.

කන්යාරාමයේ දැරිවියන් 25 දෙනෙකු වෙත සහ කන්‍යා සොයුරියන් වෙතද දිවා ආහාරය ලබාදුන් අතර, මෙම අවස්ථාව සඳහා 754 බළසේනාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ 3 වන ගජබා රෙජිමේන්තුවේ නිළධාරින් ඇතුළු සෙසු නිලයින් සහභාගි වන ලදි.