Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th July 2019 14:17:41 Hours

මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ පුහුණුව ලැබු නිලධාරින් පිරිසක් කිලිනොච්චි සංචාරයක

මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ අංක 25 දරණ කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව (JCC COURSE) සහ ප්‍රතිත්‍රස්ථ යුධ උපක්‍රම කෑලැබද සටන් පුහුණු පාඨමාලාව (CIJW COURSE) යන පාඨමාලා නිමාවෙන් පසු පුහුණුව ලැබු නිළධාරින් පිරිසක් ප්‍රධාන උපදේශක සමග 2019 ජුලි මස 08 සහ 09 යන දෙදින තුලදි ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය වෙත පැමිණියේය.

2019 ජුලි 08 වන දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී එන්ඩියු අයිජි විසින් ඔවුන්ව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත සාදරයෙන් පිළිගත් අතර, එදින ආරක්‍ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේදි ආරක්‍ෂක සේනා මුලස්ථානයෙහි කාර්යභාරයන් සහ කාර්ය්‍යන් පිලිබදව ඔවුන්ට විස්තර කරන ලදි.

පාඨමාලා සිසුන් එදිනම 57 වන සේනාංක මුලස්ථානය, 571 බලසේනාව, පුනරින් කොටුව, සංගුපිටි පාලම සහ 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතද, පසු දින කිලිනොච්චි ස්මාරකය, අලිමංකඩ ගාමිණි කුලරත්න ස්මාරකය සහ මීට වසර කිහිපයකට පෙර මානුෂිය මෙහෙයුම් හා සම්බන්ධ ප්‍රධාන ස්ථාන කිහිපයක් නැරඹිමට ඔවුන්ට අවස්ථාව ලැබුණි.

මෙම සංචාරය සදහා දේශිය නිලධාරින් 20 දෙනෙක් සහ විදේශිය නිළධාරින් 05 දෙනෙක් ඇතුලුව නිළධාරින් 25 දෙනෙක් සහභාගි විය.