Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd January 2020 12:12:45 Hours

මහාදේව ස්වමිකල් ළමා නිවාසයේ ළමයින් සදහා පාසල් උපකරණ බෙදාදිම

ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චිය ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පි අධීක්‍ෂණය යටතේ මහාදේව ස්වමිකල් ළමා නිවාසයේ ළමයින් සදහා පාසල් උපකරණ සහ ක්‍රීඩා උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2019 දෙසැම්බර් මස 18 වන දින කිලිනොච්චිය මහාදේව ස්වමිකල් ළමා නිවාසයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහනේදී 57 වන සේනාංකය විසින් පිලියෙල කරන ලද රසවත් දිවා ආහාරයක්ද ළමා නිවාසයේ සිටින ළමුන් ලබා දෙන ලදී. මෙම වැඩසටහනේදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 572 වන බලසේනාවේ බළසේනාධිපති කර්නල් ඩී එම් පී පී දසනායක සහභාගී වූ අතර, 571 වන බලසේනාවේ බළසේනාධිපති සහ 57 වන සේනාංකයේ සිවිල් පරිපාලන නිලධාරි සහභාගී වන ලදී.