Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th December 2019 21:59:31 Hours

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ උපදේශකවරු විසින් මත්ද්‍රව්‍ය වැළැක්වීම සම්බන්ධව උපදේශණය කිරිම සදහා නිලධාරින් පුහුණු කිරිම.

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් “මත්ද්‍රව්‍ය නිවාරණ” සඳහා නිලධාරින් පුහුණු කිරීමේ දේශණයක් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන දේශණ ශාලාවේදී පවත්වන ලදී.

මෙම වැඩමුළුව 2019 නොවැම්බර් මස 25 වන දින සිට දෙසැම්බර් මස 01 වන දින දක්වා කාලය තුළ පැවැත්වූ අතර, ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චියෙත් සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය යාපනයෙත් නිලධාරීන් සහ නිලධාරිනියන් 45 දෙනෙකු සදහා සිදු කරන ලදි.

මෙම වැඩමුළුව කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපතිගේ උපදෙස් මත යුද හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.