Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th December 2018 18:23:02 Hours

මනුසත් දෙරණ ප්‍රජාසත්කාර වැඩසටහනක් පැවැත්විම

ආර‍ක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති විජිත රවිප්‍රියගේ අධීක්ෂණයෙන් 57 වන සේනාංකය යටතේ රාජකාරි නියුතු බළසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිළධාරින්ගේ සහයෝගයෙන් කිලිනොච්චි දිස්ත්‍රිකය ආවරණය වන පරිදි මනුසත් දෙරණ ප්‍රජාසත්කාර වැඩසටහන කණ්ඩාවලි ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයේ පිහිටි උලවනුර් තම්බිරාස විද්‍යාල ක්‍රිඩාංගනයේදි 2018.12.08 වන දින පෙ:ව 0830 පැයේ සිට ප:ව 1700 පැය දක්වා පවත්වන ලදි.

මනුසත් දෙරණ ප්‍රජාසත්කාර වැඩසටහන ටිවි දෙරණ නාලිකාවේ සංවිධානයෙන් පැවැත්වු අතර, මෙම වැඩසටහන තුලදි පහත සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

අ. වකුගඩු රෝගින් මුල් අධියරේදි හදුනාගැනිමේ වෛද්‍ය සායනයක් පැවැත්වු අතර, මේ සදහා සිවිල් ජනතාව 950 සහභාගිවන ලදි.

ආ. ඇස් පරික්‍ෂා කර 350 දෙනෙකු සහා ඇස් කණ්නාඩි ලබාදිම.

ඇ. විදුලිය නොමැති නිවෙස් 15 ක් වෙත කුඩා සූර්ය බල පද්ධති ලබාදිම.

ඈ. ගැබිණි මව්වරුන් 50 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදිම.

ඉ. ලක්ෂ 18 පමණ වටිනා ජල පිරිපහදු යන්ත්‍රයක් ලබාදිම.

ඊ. පාසල් ළමුන් 37 දෙනෙකු සඳහා පාසල් උපකරණ සහ පාසල් නිළ ඇදුම් ලබාදිම.

උ. කීල්ස් සමාගම විසින් එම සමාගමේ රැකියා අවස්ථා සඳහා සම්මුඛ පරීක්ෂ‍ණයක් පැවැත්විම.

මනුසත් දෙරණ වැඩසටහන සඳහා සිවිල් වැසියන් 1500 ක් පමණ සහභාගී වන ලදී.