Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th April 2021 11:01:27 Hours

මතස්‍ය අභිජණනය මගින් ජීවන තත්වය ඉහල නැංවීමට 572 බළසේනා භඨපිරිස් සහය වෙයි

මිරිදිය මසුන් අභිජණනය මගින් අඩු ආදායම් ලාභි පවුල්වල ආදායම් උත්පාදනය සහ පෝෂණ තත්වය ඉහල නැංවීමේ අරමුණින් මුලතිව් විශ්වමඩු වැවට මතස්‍ය පැටවුන් හැත්තෑපන්දහසක් මුදාහැරිමේ වැඩසටහනක් 2021 අප්‍රේල් මස 07 වන 572 පාබල බළසේනාවේ භඨපිරිස් විසින් සිදු කරන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභි පවුල්වල පෝෂණ තත්වය සහ ආදායම් උත්පාදනය කිරිම මෙන්ම මන්ද පෝෂණය තුරන් කිරිමේ අරමුණින් විශ්වමඩු නැගෙනහිර ග්‍රාම නිළධාරි කොඨාශයේ ධිවර පවුල් විසිපහකට වැඩි පිරිසකට ප්‍රතිලාබ ලැබෙන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධනගේ මඟ පෙන්වීම මත 572 වන පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් නිශාන්ත මුතුමාල විසින් ජාතික ජළජීවි සංවර්ධන අධිකාරියේ මුලතිව් ශාඛාව සමග සම්බන්ධ තාවයෙන් මෙම වැඩසටහන පැවැත්වුනු අතර මෙම අවස්ථාව සදහා උතුරු පලාත් ජලජිවී හා වගා ව්‍යාප්ති නිළධාරි එස් සංගීදන් මහතා ප්‍රාදේශිය ජලජීවි වගා ව්‍යාප්ති නිළධාරි සහ ගම්වාසීන් සහභාගිවිය.