Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

01st March 2020 09:21:20 Hours

බිලියඩ් සහ ස්නුකර් ක්‍රිඩාව පිලිබඳ වැඩමුළුවක් පැවැත්වීම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ඩබ්වි ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි තුමන්ගේ සංකල්පයක් මත බිලියඩ් සහ ස්නුකර් ක්‍රිඩාව යුධ හමුදා සාමාජිකයින් අතරේ ප්‍රගුණ කිරිමේ අරමුණින් බිලියඩ් සහ ස්නුකර් ක්‍රිඩාව පිලිබඳ වැඩමුළුවක් 2020.02.21 වන දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන බිලියඩ් ක්‍රිඩාගාරයේදි පවත්වන ලදි.

ජාතික බිලියඩ් සහ ස්නුකර් ක්‍රිඩා සංඟමයේ ප්‍රවින විනිසුරුවරයෙකු වන එස්එම් ඒබ්‍රහිම් මහතා සහ යුධ හමුදා බිලියඩ් සංඟමයේ උපදේශකයින් දෙදෙනෙකු විසින් වැඩමුළුව මෙහෙය වු අතර, මේ සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ඩබ්වි ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි තුමන් සහ මෙම මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වන ලදි.