Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd December 2019 11:51:46 Hours

බැප්ටිස්ට් දේවස්ථානයේ අනුස්මරණ පුස්තකාලය විවෘත කරයි

කිලිනොච්චි, භාරතීපුරම් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා බැප්ටිස්ට් දේවස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ ‘හ්යුන්සියෝ ජෝ සහ ජියොන් නොහ්’ අනුස්මරණ පුස්තකාලය විවෘත කිරීමේ උත්සවය 2019 නොවැම්බර් මස 26 වන දින පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජිවි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි සහභාගි විය.

දකුණු කොරියානු ග්ලෝබල් මිෂන් දේවස්ථානය විසින් ඉදිකරන ලද පුස්තකාලය විවෘත කිරීමේ උත්සවය සඳහා ප්‍රදේශයේ සිසුන් සහ ජනතාව සහභාගි වූහ. මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ දේවගැති පූජ්‍ය සුං ඉයුන් ඩේවිඩ් චෝයි පියතුමන්ගේ අධීක්‍ෂණය හා සහයෝගය ලබාදුන්හ.

දේවගැතිවරුන්ගේ ආශිර්වාදය මධ්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව සංකේතාත්මක පීත්ත පටිය කපා නව පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කරන ලදී.

57 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු අනෙකුත් නිලධාරීන් විශාල පිරිසක් සිවිල් වැසියන් සමඟ මෙම අවස්ථාවට සහභාගි වූහ.