Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd June 2019 09:52:27 Hours

පෙර පාසල් ළමුන් සදහා පොත් ප්‍රධානය කිරිම

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පෙරුම යුඑස්පි ගේ මග පෙන්විම මත 653 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ ඒ ජේ එල් බි උඩෝවිට ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ගේ අධික්‍ෂණයෙන් 17 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ සංවිධානයෙන් පෙර පාසල් ළමුන් 50 දෙනෙකු සඳහා පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2019 ජුනි මස 17 වන දින තේරන්කන්ඩාල් කාලි මගලන්හිදී සංවිධානය කරන ලදී.

පෙර පාසල් ළමුන් සඳහා පාසල් ලිපි ද්‍රව්‍ය වලින් සමන්විත පැකට් 50 ක් ද, ගුරුවරුන් සඳහා තෑගි පැකට් 04 ක් ද බෙදා දෙන ලදී. මෙම අවස්ථාවට යුද්ධ හමුදා සාමාජිකයින් 25 ක් සහ දෙමාපියන් 35 ක් සහභාගී වූහ.