Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

07th January 2020 15:21:55 Hours

පූනරින් අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදාදෙයි

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම් ඩ් විජේසුන්දර ආර්එස්පී ගේ මඟපෙන්වීම මත 661 වන බළසේනාවේ බළසේනාධිපති කර්නල් එච් එච් කේ එස් එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී අධීක්‍ෂණයෙන් 661 වන බළසේනාව යටතේ ඇති 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 5 යාන්ත්‍රික පාබල රෙජිමේන්තු විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන විනාසියෝඩෛ රජයේ දෙමළ මිශ්‍ර පාසලේ 1 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසුන් 178 දෙනෙකු සදහා මෙම පාසල් උපකරණ බෙදාදෙන ලදී.

මෙම වැඩසටහන 2020 ජනවාරි මස 03 වන දින විනාසියෝඩෛ රජයේ දෙමළ මිශ්‍ර පාසලේදී සහ ඤාණිමඩම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේදී පැවැත්වූ අතර මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 661 වන බළසේනාවේ බළසේනාධිපති සහභාගී විය. තවද ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුලුව පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී විය.