Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

26th September 2020 10:27:08 Hours

පුනරින් හි වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක් පවත්වයි

ජාතික සමුදු සම්පත් සතියට සමගාමිව 2020 සැප්තැම්බර් මස 21 වන දින 0730 ට කිළිනොචිචි දිස්ත්‍රික්කයේ පුනරින් හි ගෞතරිමුනායි වෙරළ තිරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් යුද්ධ නාවික හමුදා භඨපිරිස් සහ සිවිල් වැසියන්ගේ සහභාගිත්වයන් සිදුකරන ලදි.

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු 661 පාබල බළසේනාවේ බළසේනාධිපති බිගඩියර් ශාන්ත හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි සිවිල් සම්බන්ධිකරණ නිළධාරින්, අණදෙන නිළධාරින්, ඇතුලු යුද්ධ හමුදා භඨපිරිස් 70 දෙනෙකු සහ නාවික හමුදා භඨපිරිස් 70 දෙනෙකු මෙ සදහා සහභාගිවිය. මහ වැලි සංවර්ධන හා පරිසර අමත්‍යන්ශයේ සමුද්‍රිය පරිසර ආරක්‍ෂන අධිකාරිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද මෙම වැඩසටහන සාර්ථක කරගැනිම සදහා යුධ හමුදා සහ නාවික හමුදා භඨයින් සමග සහයෝගයෙන් කටයුතු කරමින් කිළිනොචිචි දිස්ත්‍රික් දිසාපති ආර් කේතීස්වරන් මහත්මිය සහ පුනරින් පාදේශිය ලේකම් එස් ක්‍රිෂනෙන්ඩන් මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර මෙම වැඩසටහන සාර්ථක කරගැනිම සදහා සිවිල් වැසියන් විශාල පිරිසක් යුධ හා නාවික හමුදාව සමග සහයෝගයෙන් කටයුතු කලහ.