Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

27th March 2021 15:08:07 Hours

පුනරින් පුදේශයේ අඩුආදායම්ලාභි පවුල්වල පාසල් දරුවන් සදහා පාසල් උපකරණ බෙදාදෙයි

කොළඔ විශ්ව විද්‍යාලයේ නැණසවිය පුණ්‍යාතන සංවිධානයේ අනුග්‍රහයෙන් දියත් කරන ලද තවත් එත් ප්‍රජා සත්කාරක වැඩසටහනක් 66 වන පාබල සේනාංකය බළ ප්‍රදේශයට අයත් පුනරින් ප්‍රදේශයේ දුෂ්කර පාසල් හතක සිසුන් 70 දෙනෙකු සදහා පාසල් උපකරණ බෙදා දීම 2021 මාර්තු මස 13 වන සිදු කරන ලදි.

66 වන පාබළ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් අජිත් දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන 661 වන පාබල බළසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ශාන්ත හේවගේ විසින් සංවිධානය කළ අතර මේ සදහා අණදෙන නිළධාරින්, කොළඔ විශ්ව විද්‍යාලයේ නැණසවිය පුණ්‍යාතන සංවිධානයේ සාමාජිකයින් සහ පාසල් ගුරුවරුන් සහභාගිවිය.