Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

28th August 2018 12:52:57 Hours

පුනරින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වෙත කැලිපෝනියාවේ Foundation for Hooe පදනමේ අනුග්‍රාහකත්වයෙන් සහ යුද්ධ හමුදාවේ සම්බණ්ධිකරණයෙන් පරිත්‍යගශිලි වැඩසටහනක්

66 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් දිප්ති ඡයතිලකගේ සංකල්පයකට අනුව පුනරින් බළප්‍රදේශයේ ජිවත්වන අඩු ආදායම්ලාභි දිලිදු පවුල් 15 දෙනෙකු වෙත පරිත්‍යාග භාණ්ඩ/වියලි සලාක මලු සහ රෙදිපිළි බෙදාදිමේ වැඩසටහනක් 2018 අගෝස්තු මස 22 වන දින බළඇණි පුහුණු පාසල අරසපුරකුලම්හි දි පවත්වන ලදි.

මෙම අවස්ථාව සදහා අනුග්‍රාහක දායකත්වය ලබාදෙන ලද ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට පැමිණි "Foundation for Hope" ආයතනයේ රාජකාරි කරනු ලබන අරවින්දන් මහතා ඇතුළුව ඔහුගේ පුතනුවන් දෙදෙනා ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වන ලදි. තවද 66 වන සේනංකය යටතේ පාලනය වන 661 සහ 662 බළසේනාවන්හි බළසේනාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ‍සෙසු නිළයින් 15x25ක් පමණ භඨපිරිස් ප්‍රමාණයක්ද, දිලිදු පවුල් හී ප්‍රථිලාභින් 35 දෙනකු පමණ සහභාගි වන ලදි.