Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

16th January 2021 11:33:51 Hours

පාසල් ළමුන් 300 දෙනෙකු සදහා පොත් බෙදා දීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මෙජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩගේ මගපෙන්වීම මත කිළිනොචිචි ප්‍රදේශයේ සිසු දරුවන්ගේ අධ්‍යාපනය නගාසිටවීමේ අරමුණින් කොළඹ සිට පැමිණි පරිත්‍යාගශිලි පවුලක් විසින් පාසල් පොත් බෙදා දීමේ වැඩසටහනක් 2021 ජනවාරි මස 03 වන දින මහාදේව සුවමික් ළමානිවාසය සහ අරිවිචොලි ළමා නිවාසයේදි පවත්වන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති සහ ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ෂාමිනි ද සිල්වා මහත්මිය කල ඉල්ලීමකට අනුව සුරේන් ද සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් මෙම පරිත්‍යාගය සිදු කරන ලදි. මෙම වැඩ සටහන සාර්ථකව සිදු කිරිම සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් අනිල් සෝමවිර, කර්නල් සංජය වනසේකර සහ ලුතිතන් කර්නල් ප්‍රදිප් විතානගේ පුර්ණ සහයෝගය දක්වන ලදි.

මෙම අවස්ථාව සදහා 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 571 පාබල බළසේනාවේ බළසේනාධිපති, ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි කර්නල් ප්‍රමානි ප්‍රමුඛ නිළධාරින් සහ 7 ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරිගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය අංශවල උපදෙශයන්ට අනුකූලව පැවැත්විනි.