22nd July 2021 13:38:39 Hours
වයස අවුැරුදු 60 වැඩි පුද්ගලයින් සදහා සිදු කෙරෙන ප්‍රජා එන්නත් කරනයට සමගාමිව ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ උපදෙස් පරිදි 66 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායකගේ මඟ පෙන්වීම මත 661 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධික්ෂණය මත ප්‍රජා එන්නත් කිරිමේ මධ්‍යස්ථානයක් පුනරින් මධ්‍ය මහා විද්‍යාලයේදි 2021 ජූලි මස 07 වන දින ආරම්භ කරන ලදි.
දැනට සිදු කරනු ලබන ප්‍රජා එන්නත් කරනයට සමගාමිව එන්නත් කිරිමේ ක්‍රියාවලිය ඉහල නැංවීම මෙහි අරමුණයි.
වැඩිහිටි පුරවැසියන් බස්රථ යොදාගනිමින් එන්නත් කිරිමේ මධ්‍යස්ථානය වෙත රුගෙන ඒමටද යුද්ධ හමුදා භඨපිරිස් පියවර ගන්නා ලදි.මේ සදහා යුධ හමුදා රෝහල් කාර්යමණ්ඩලය සහ සෙබළුන්ගෙ සහභගිත් වයෙන් සිදු කල අතර ගුවන් හමුදා භඨපිරිස් විසින් ලියාපදිංචි කිරිමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදි. එන්නත් කරන කටයුතු සොයා බැලිම සදහා 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් දිදු කරන ලදි.