Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

04th September 2019 08:59:38 Hours

නීරෝගීමත් හමුදාවක් නීරෝගීමත් දැයක් කිලිනොච්චියේ භට පිරිස් විසින් දැනුවත් කරයි

කිලිනොච්චියෙහි භට පිරිස් නීරෝගීමත් හමුදාවක් නීරෝගීමත් දැයක් යටතේ බෝ නොවන රෝග පිලිබදව දැනුවත් කිරිමේ දේශනයක් 2019 අගෝස්තු මස 21 වන දින කිලිනොච්චිය නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම දේශනය ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ බ්‍රිගේඩියර් වෛද්‍ය ඒ එස් එම් විජේවර්ධන යුඑස්පී, කර්නල් ආර් එම් එම් මොණරාගල යුඑස්පී එම්බීබීඑස් එම්ඩී සහ ලුතිතන් ඒ සී කේ උඩුගම යන නිලධාරි/නිලධාරිනියන් විසින් මෙහෙයවූ අතර, මෙම දේශනය සදහා ජේෂඨ නිලධාරි/ නිලධාරින් 26 දෙනෙකු සහ සෙසු නිලයින් 381 ක් සහභාගී වූහ.