Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd December 2019 11:57:40 Hours

නාගදිප විහාරයේ සිට කතරගම දක්වා පා ගමනින් ගමන් කරන රණවිරුවන් දෙදෙනා අලිමංකඩ වෙත ළඟා වේ

විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙකු වන ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 2 වන ගජබා රෙජිමේන්තුවට අයත් (විශ්‍රාමික) සාමාන්‍ය සෙබල පියතිස්ස ආර් ඩබ්ලිව් වී සහ ශ්‍රි ලංකා නාවික හමුදාවේ (විශ්‍රාමික) බලලත් නිලධාරි කුමාර එම්.බී.ඩබ්ලිව්. යන විරුවන් දෙදෙනා 2019 නොවැම්බර් මස 22 වන දින යාපනය අර්ධද්වීපයේ පිහිටි නාගදීප විහාරස්ථානයේ සිට කතරගම පුද බිම දක්වා ආරම්භ කළ ගමන් මග අතර 2019 නොවැම්බර් මස 24 වන දින අලිමංකඩ ප්‍රදේශයට ලඟාවීමත් සමග 66 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එම විරුවන් දෙදෙනා පිළිගැනීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර ලදි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ ආශිර්වාදය ඇතිව ආරම්භ කළ මෙම පා ගමනේ අරමුණ වූයේ තම මාතෘ භූමියේ මෙන්ම සේවයේ යෙදි සිටින විරුවන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සහ අත් පා අහිමි ආබාධිත රණවිරුවන් අතර චිත්ත ධෛර්යය වර්ධනය කිරිමේ දැඩි අභිප්‍රාය ඇති කිරිමයි.

අලිමංකඩ ප්‍රදේශයේදී මෙම රණවිරුවන් දෙදෙනාම ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර එම ප්‍රදේශයේදී රණවිරුවන් දෙදෙනා හට ආහාර පාන ද ලබා දුන්හ. ප්‍රථමයෙන්ම එම රණවිරුවන් දෙදෙනා විසින් හසලක ගාමිණි කුලරත්න පිළිරුව වෙත ආචාර කරන ලදී. එහිදී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් රණවිරුවන් දෙදෙනා පිළිගනිමින් ඔවුන්ට සුභපැතුම් පිරිනමන ලදී.