Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

07th December 2018 15:45:58 Hours

නව ‘පාබල පෙළ අණදෙන පුහුණු පාඨමාලාව’හැදැරූ 66 වන සේනාංකයේ සෙබළුන් 162 ක් විසිරයයි

66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලකගේ මගපෙන්වීම මත කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති බළඇණි වලට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් 162 දෙනෙකු සදහා පාබල පෙළ අණදෙණ පුහුණු පාඨමාලාවක් අරසපුරකුලම් බළඇණි පුහුණූ පාසල තුලදි 2018 නොවැම්බර් මස 1 දින සිට 2018 නොවැම්බර් මස 28 වන දින දක්වා පවත්වන ලදි.

පාඨමාලාවේදි ආනාගත ක්‍රියාන්විත අවශ්‍යතාවයන්ට කොමිෂන් නොලත් නිලධාරීන් වශයෙන් සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ආත්මවිශ්වාසය වර්ධනය කිරිම මෙන්ම, මූලික යුධ උපක්‍රම හා ප්‍රායෝගික දැනුම වර්ධනය කිරිම යන ප්‍රධාන අරමුණු මෙම පුහුණුව තුළින් ලබාදෙන ලදි.

සාර්ථකව පාඨමාලාව නිමකළ සෙබළුන් සඳහා සහතික හා කුසලාන පත් ප්‍රධානය කිරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 661 වන බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත ජයවර්ධන සහභාගිවු අතර, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 66 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි හා එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද සහභාගිවී සිටියහ.

මෙම පාඨමාලාව හැදෑරු ඛණ්ඩ අතුරින් 15 (සෙවි) ශ්‍රි ලංකා සිංහ ‍රේජිමේන්තුව නියෝජනය කල ඛණ්ඩය හොඳම පෙළ වශයෙනුත්, 1 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ආර්. සි. පි. සි රාජපක්‍ෂ දක්‍ෂතම සෙබලා වශයෙනුත්, එම රෙජිමේන්තුවේ කෝප්‍රල් එස්. ඒ. ආර්. මහගෙදර දක්‍ෂතම පෙළ අණදෙන්නා වශයෙනුත්, මෙහිදි ත්‍යාග හිමිකරගන්නා ලදි.