Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

27th April 2018 20:47:49 Hours

නව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිගේ සේනාංක සංචාරය

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති වශයෙන් නවතමයෙන් රාජකාරි භාරගනු ලැබු මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන තම රාජකාරි භාර ගැනිමෙන් පසු 2018.04.23 සහ 24 යන දිනයන්හිදි ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය යටතේ පාලනය වන සේනාංකයන්හි සංචාරය කරන ලදි.

2018.04.23 වන දින 65 වන සේනාංකය සහ 66 වන සේනාංකයේහි සංචාරය කරනු ලැබු අතර,65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පිරිස් සහ 66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක ඇතුලු ජ්‍යෙෂ්ඨ නිළධාරින් විසින් යුද හමුදා සම්ප්‍රදානුකුලව කදවුරු සම්මාන මුරයක් පිරිනමා නව ආඥාපති සාදරයෙන් පිලිගනු ලැබිය.

2018.04.24 වන දින ආඥාපති විසින් 57 වන සේනාංකයේහි සංචාරාය කරනු ලැබු අතර, 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ඇතුලු ජ්‍යෙෂඨ නිළධාරින් විසින් ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන කදවුරු සම්මාන මුරයක් පිරිනමා සාදරයෙන් පිලිගන්නා ලදි.

තවද නව ආඥාපති සහ සේනංකාධිපතිවරුන්, බළසේනංකාධිපතිවරුන් ඇතුලු ඒකක අණදෙන නිළධාරින් විසින් සේනාංක බළ ප්‍රදේශයේහි දැනට පවතින තත්වය සහ ආරක්ෂාව ඇතුලු සෙබලුන්ගේ සුභසාධන කටයුතු පිලිබදව දිර්ඝව සාකච්ඡා කරන ලද අතර, මෙම සංචාරය සිහිවිම පිණිස ආඥාපති විසින් පැළයක් රෝපණය කරන ලදි.

මෙම අවස්ථාව සදහා බළසේනංකාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිළධාරින්, ඒකක අණදෙන නිළධාරින්, නිළධාරින් ඇතුලු සෙසුනිළයින් සහභාගි වන ලදි.