Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th July 2019 14:43:36 Hours

දේවස්ථානය විවෘත්‍ර කිරිම සහ එය නඩත්තුව සදහා උදවු උපකාර කිරිම

57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ එස් හේවාවිතාරණ ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ගේ මගපෙන්විම මත 571 වන බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ 7 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් අම්බාල්නගර්හි අලුතින් ඉදිකරන ලද සදසාගය ඇනෙයි දේවස්ථානය 2019 ජුනි මස 11 වන දින සුද්ධ පවිත්‍ර කිරිමේ ප්‍රජාසත්කාර වැඩසටහනක් සිදු කරන ලදි.

මෙම පල්ලිය 2019 ජුලි මස 14 වන දින යාපනය ප්‍රදේශයේ රදගුරු ආචාර්ය ජස්ටින් ගනන්පාකසම් විසින් විවෘත කරන ලදී. ජේ.ඒ ජේසුදාසන් ගරු පියතුමාගේ ආරාධනය මත කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී එන්ඩියු අයිජි මෙම උත්සවයට සහභාගී වන ලදි. මෙම අවස්ථාව සදහා 571 වන බලසේනාවේ බලසේනාධිපති, කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 සම්බන්ධිකරණ නිලධාරි, 7 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ ඒකක අණදෙන නිලධාරි සහ ප්‍රදේශයේ සිවිල් බැතිමතුන් 2000 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.