Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th June 2018 13:17:01 Hours

දමිල සෙබලියන්ගෙ පවුල වෙත 57 සේනාංකයේ උපකාර

57 වන සේනාංක බළප්‍රදේශයේ උළුඑන්පුම්, තම්බිරාසපුරම්, ධර්මපුරම් යන ලිපිනයේ පදිංචි සෙ/ආර්101328 කාසෙ කෞෂල්යා කේ හා සෙ/ආර්101329 කාසෙ නිශාන්තනි කේ යන සෙබළියන්ගේ ආදරණිය පියාණන් වන කෝවින්දරාසා 2018.06.03 වන දින මියගොස් ඇති අතර, එම අවමංගල්‍ය උත්සවය සදහා 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් මත අවශ්‍ය සියලුම පහසුකම් සහ ආධාර 572,573 බළසේනාව මගින් සපයන ලදි.

එම අවමංගල්‍ය උත්සවය සදහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති හා 572,573 බළසේනාවේ බළසේනාධිපතිවරුන්, 6 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව, 14 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිළධාරින් හා 6 වන ශ්‍රි ලංකා කාන්තා බළකායේ දෙවන අණදෙන නිළධාරි මෙන්ම බළප්‍රදේශයේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිළධාරි/නිළධාරින් සහ සෙසු නිළයින් සහභාගි වන ලදි.