Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th September 2018 15:34:27 Hours

තොරතුරු හා තාක්ෂණ පාඨමාලා අංක 03 සාර්ථකව නිමකරන ලදි

ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපතිතුමාගේ උපදෙස් මත කිලිනොච්චි බළප්‍රදේශයේ ස්ථපිත 65 වන සේනාංකයේ සේනංකාධිපතිගේ අධික්ෂණය යටතේ පැවත් වු තොරතුරු හා තාක්ෂණ පාඨමාලාව අංක 03 සම්පූර්ණ කරන ලදි. මෙම පාඨමාලාවේ අරමුණ වූයේ සෙබලුන්ගේ උසස් පරිගණක දැනුම හා තොරතුරු හා තාක්ෂණ දැණුම වැඩි කිරීමයි.

මෙම පාඨමාලාවේ සමාරමිභක උත්සවය සදහා බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. එතුමන් විසින් මෙම පාඨමාලාව සාර්ථකව නිමකල සිසුන් 20 දෙනෙකුට සහතික ප්‍රධානය කරන ලදී.