Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd April 2020 13:49:14 Hours

තෙවන්පිඩ්ඩි සහ වෙල්ලන්කුලම් ප්‍රදේශවල සමෘද්ධි ප්‍රතිලාභින් අතර වියළි සලාක මළු බෙදා දෙන ලදි

කිලිනොච්චි බල ප්‍රදේශයේ පිහිටි තෙවන්පිඩ්ඩි සහ වෙල්ලන්කුලම් ප්‍රදේශවාසි සමෘද්ධිලාභීන් 258 දෙනෙකු සදහා රජය විසින් ලබා දුන් වියළි සලාක ඇසුරුම් බෙදා දිමේ වැඩසටහනක් 2020 අප්‍රේල් මස 01 වන දින එම ප්‍රදේශ ආශ්‍රිතව පවත්වන ලද අතර, ඒ සදහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයිම ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරින්ගේ සම්බන්ධිකරණය මත 19 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් සිදු කරන ලදි.

මෙම වැඩසටහන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් ඩිඑම්එච්ඩි බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි ගේ මෙහෙයවිම මත සංවිධානය කරන ලදි.