Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd April 2020 13:44:38 Hours

ඩ්‍රෝනා ආරක්‍ෂාව පිලිබදව කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන භට පිිරිස් දැනුවත් කිරිම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සේවයේ නිරත භට පිිරිස් ඩ්‍රෝනා ආරක්‍ෂාව පිලිබදව දැනුවත් කිරිමේ අරමුණින් කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද දැනුවත් කිරිමේ වැඩමුළුවක් 2020 මාර්තු මස 26 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දි පවත්වන ලදි.

ශ්‍රි ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියමුවන් රහිත ගුවන් යානා මෙහෙයුම් පිලිබද මාණ්ඩලික නිලධාරි, වින්ග් කමාන්ඩර් ඩබ්ලිව්විකේඒඑස් පෙරේරා විසින් මෙහෙයවන ලද එම දේශණය සදහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නිලධාරින් 10 ක් සහ සෙසු නිලයින් 153 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සහභාගි විය.