Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th July 2018 14:22:47 Hours

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ වව්නියාව ශාඛාවෙහි ප්‍රධානින් ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොචිචි සංචාරය

ජාත්‍යන්තර රතු කුරුස සංවිධාන‍යේ ප්‍රධාන කාර්යාලය වව්නියාවේහි ප්‍රධානින් වන මාක් සුපේ මහතා සහ ඈන් මෙලොට් මහත්මිය 2018 ජුනි 7 වන දින කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේහි නිරික්ෂණ චාරිකාවක නිරත විය.

මොවුන් දෙපල ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන විසින් පිළිගනු ලැබු අතර, නික්ම යාමට නියමිත වවුනියාවේ පිහිටි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රධානි වශයෙන් කටයුතු කල ඈන් මෙලොට් මහත්මිය විසින් අලුතින් පත්වු නව ප්‍රධානි මාක් සුපේ මහතාව කිලිනොච්චි ආරක්ෂාක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන හට හදුන්වා දෙන ලදි. මෙහිදි ආඥාපති තුමා විසින් වර්තමාන කාර්යභාර්යන් පිළිබඳ එම ප්‍රධානින් දෙපල සමග සකච්ඡා කරන ලදි.