Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th February 2019 22:01:12 Hours

ගංවතුරින් අවතැන්වු කිලිනොච්චියේ පාසල් ළමුන් සදහා පාසල් උපකරණ බෙදා දිම.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ මග පෙන්වීම යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ඩයලොග් ආසිආටා පීඑල්සීහි සහයෝගිතාවය හා මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද සෙනෙහෙ සියපත වැඩසටහනේ සිව්වන අදියර ලෙස පාසල් සිසු සිසුවියන් සඳහා පාසැල් බැග් සහ ලිපිද්‍රවය බෙදාදිමේ වැඩසටහනක් 2019 පෙබරවාරි මස 07 සහ 08 යන දිනයන්හිදි පවත්වන ලදී.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් 04ක ගංවතුරින් පීඩාවට පත් වූ සිසු සිසුවියන් 423 දෙනෙකු සදහා ආධාර ලබා දුන් අතර, පාසැල් ගුරුවරුන් එම ආයතන සහ යුද්ධ හමුදාව වෙත ගෞරවනිය ස්තුතිය පුද කරන ලදි.