08th January 2019 21:28:50 Hours
ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මගපෙන්විමේන් ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ ඉල්ලිමකට අනුව ඩයලොග් ආයතනයේ රුපියල් 15,58680.00 මුල්‍ය ආධාර මත ගංවතුරෙන් පිඩාවට පත් පාසල් සිසු දරු දැරියන් 838 දෙනෙකු සඳහා පාසල් බෑග් බෙදාදීමේ වැඩසටහනක් ධර්මපුරම් මධ්‍ය මහා විද්‍යාලයේදි 2019.01.07 වන දින පවත්වන ලදි.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ සහභාගි වු අතර, 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දිප්ති ජයතිලක, බළසේනාධිපතිවරුන්, සහකාර පෙලිස් අධිකාරි කිලිනොච්චිය, යුද්ධ හමුදා ජ්‍යෙෂඨ නිලධාරින්/නිලධාරින්, ඩයලොග් ආයතනයේ සාමාජිකයින්, ප්‍රදේශයේ පුජක වරුන්, පාසලේ ගුරුවරුන් සහ සිසු දරු දැරියන් සහභාගි වන ලදි. තවද, වැඩසටහනෙන් පසු පාසලේ ගුරුවරන් සහ සිසුවියන් විසින් යුද්ධ හමුදාව වෙත තම කෘතඥතාවය එක් කරන ලදි.