Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

27th January 2021 12:13:53 Hours

ගංවතුර තත්වය සහ ආපදා අවම කිරීම සදහා සමාලෝචන සාකච්ජාවක්

ඒකාබද්ධ ථලදායි ක්‍රියාකාරි අපදා අවම කිරිමේ ක්‍රියාවලියක් සකස් කිරිමේ අරමුණින් දිස්ත්‍රික්කයේ අපදා අවම කිරිමේ කටයුතු වල නිරතව සිටින රජයේ නිළධාරින් සමග සම්බන්ධිකරණ සාකචිජාවක් 2021 ජනවාරි 21 වන දින 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුජිව සෙනරත්යාපාගේ උපදෙස් මත 571 වන පාබල බළසේනා මුලස්ථානයේදි පවත්වන ලදි. දිස්ත්‍රික්කයේ පවතින ගංවතුර තත්වය පිළිබඳ සාකචිජා කිරිම සහ ආපදා අවම කිරිමේ ක්‍රියාවලියන්ගේ ප්‍රගතිය සමාලෝචනය කිරිමේ අරමුණින් මෙම සාකචිජාව පැවැත්වු අතර ඉදිරියේදි ඇතිවිය හැකි වර්ෂාව හේතුවෙන් ඇතිවියහැකි ගංවතුර තත්වය සහ ඒ සදහා ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳ මෙහිදි වැඩි දුරටත් සාකච්ජා කරන ලදි.

මෙම සාකචිජාව සදහා 571 සහ 573 පාබල බළසේනාංක බළසේනාධිපති වරුන්, 57 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, සියලුම සිවිල් සම්බන්ධිකරණ නිළධාරින්, බළඇණි අණදෙන නිළධාරින්, සහභාගි විය. තවද මෙම අවස්ථාව සදහා කිළිනොචිචි අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂක එම් ගෝකුලරාජා මහතා, කිළිනොචිචි වාරිමාර්ග දේපාර්තමේන්තුවේ ඉංජිනේරු එස් සෙන්තිල් කුමාරන් මහතා සහ ජාතික ජල සැපයුම් සහ ජලාපවහන මණ්ඩලයේ දිස්ත්‍රික් ඉංජිනේරු එන් සංකර් මහතා සහභාගිවිය.